හිටපු පොලිස්පති නියමිත පාස්කු වන්දිය අටවතාවකින් ගෙවා නිම කරයි ..

Sri Lanka Police Sri Lanka Easter Attack Sri Lanka Latest Headlines
By Piyumika Sep 09, 2024 08:19 AM GMT
Piyumika

Piyumika

Report

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.

වී අලෙවි මණ්ඩලය හා පුද්ගලික අංශය වී මිල දී ගැනීමේ තරගයක..

වී අලෙවි මණ්ඩලය හා පුද්ගලික අංශය වී මිල දී ගැනීමේ තරගයක..

ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිම කර ඇත.ඔහු එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා නිමකර තිබුණි.

මේ අතර පසුගිය දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබුණි.

ඔහු විසින් එම මුදල පසුගිය අගෝස්තු 16 වනදින ගෙවා නිමකර තිබුණි.

මෙහෙම ගියොත් 2027 දී ඉලොන් මස්ක්ට වෙන දේ ගැන අනාවැකියක් ..

මෙහෙම ගියොත් 2027 දී ඉලොන් මස්ක්ට වෙන දේ ගැන අනාවැකියක් ..

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කිරීමෙන් අනතුරුවය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක මුදලක් ද වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවට අධිකරණය නියම කළේය.

'අධිකරණයට ඉදිරිපත් කරන එපා සල්ලි දෙන්නම්'..කියපු කාන්තාවෝ තුන්දෙනා කරලා තියන දේ..

'අධිකරණයට ඉදිරිපත් කරන එපා සල්ලි දෙන්නම්'..කියපු කාන්තාවෝ තුන්දෙනා කරලා තියන දේ..

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ද ඔවුන්ට නියමව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇත.

කෙසේවෙතත්, කෙසේවෙතත්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය වන්දි මුදල් මෙතෙක් ගෙවා අවසන් කර නොමැති බව වාර්තා වෙයි.