පුදුකුඩිඉරිප්පුවෙන් සිරුර සොයාගත් දැරියගේ මරණයට හේතුව ගබ්සාවක්..සියලු විස්තර මෙන්න..

By Sewvandhi Dec 24, 2021 09:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුදුකුඩිරිප්පුවේ ඝාතනය කළ 13 හැවිරිදි දැරියගේ පියා, මව සහ සහෝදරිය අත්අඩංගුවට. මීට පෙර අත්අඩංගුවට ගත් ඇයගේ මස්සිනා ජනවාරි 4 වැනිදා දක්වා රිමාන්ඩ්.

මුලතිව් - පුදුකුඩිඉරිප්පු - මුංගිලාරු ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි 12 හැවිරිදි දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ, නීතිවිරෝධී ගබ්සාවක් සිදු කිරීමට යාමේ දී ඇය මියගොස් ඇති බවයි.

මාස දෙකක ගැබිනියක්ව සිටි අදාළ දැරියට පවුලේ පිරිසගේ අනුදැනුම මත අධිමාත්‍රා ඖෂධ ලබා දී දරු ගැබ ඉවත් කිරීමට යාමේ දී සිදු වූ අධික රුධිර වහනය වීම නිසා මෙම මරණය සිදු ව තිබෙනවා. දැරියගේ සහෝදරියගේ නිවසේ දී මෙලෙස ඇගේ දරු ගැබ ඉවත් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන්.

මෙම දැරියගේ වැඩිමල් සොහොයුරියගේ ස්වාමි පුරුෂයාගෙන්, දැරිය අතවරයකට ලක්ව ගැබිනියක් බවට පත් ව ඇති බවට යි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගිය දැරියගේ මව, පියා, සහෝදරිය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.  

මියගිය දැරියගේ සිරුර පසුගිය 18 වන දා පොලිසිය විසින් සොයා ගැනුණේ මුංගිලාරු ප්‍රදේශයේම පාළු ඉඩමක දමා ගොස් තිබීයදීයි.

පවුලේ සියලු දෙනාගේ අනුදැනුම මත  පසුගිය 15 වන දා මියගිය දැරියගේ සිරුර නිවස අසල පාළු ළඳකට දමා ඇති අතර, පසු ව එය 17 වන දා රාත්‍රියේ යළි ගොඩගෙන එම ප්‍රදේශයේම පාළු ඉඩමකට දමා තිබෙනවා.

ඉන් පසු නිවැසියන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති බවටයි පොලීසියට අනාවරණ වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now