බදාදාට පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක්
සෑම බදාදා දිනයකම හෙට (17) සිට පොදු ප්‍රවාහන සේවය සීමා කිරීමට තීරණයක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.
පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කර තිබේ .
රජයේ කාර්යාල විවෘතව පවතින දින ගණන සීමා කිරීම මගින් පවතින ඉන්ධන තොග අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ ඉදිරියේ ඇති අවිනිශ්චිතතාවයට සූදානම් වීම මෙහි අරමුණ බව වාර්තා වේ.