පොදු ප්‍රවාහනයේ ඉන්ධන තත්වය ගැන ගමනාගමන කොමිෂම කියයි

Report

පොදු ප්‍රවාහනයේ සැලසුම්කරණ ලද ගමන්වාර සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා සදහන් කර තිබේ.

  කිසිදු ආකාරයකට පොදු ප්‍රවාහනයට අවහිරතාවයක් සිදුනොවන බව එතුමා සදහන් කරයි සභාපතිවරයා සදහන් කළේ කිසිදු ආකාරයකට අනවශ්‍ය ඉන්ධන ගබඩා කිරීම් සහ ඉන්ධන රැස්කිරීම් මගී ප්‍රවාහනයේදී අවශ්‍ය නොවන අතර මගී ප්‍රවාහනයට අවශ්‍ය තෙල් නිකුත් කිරීම සිදු කරන බවයි .

ඩිජිටල් ක්‍රමවේදය තුළින් QR කේතය මගින් තෙල් ලබාගැනීමේදී සිදුකළ යුතු ක්‍රියාවලිය මේ වන විට ඉතාම වේගයෙන් සිදුවෙමින් පවතින බවද එතුමා සදහන් කරයි .

රටේ ඉන්ධන මේ දවසින් ඉවරයි - රට තුළ පවතින ඉන්ධන ප්‍රමාණය ගැන දැනුම්දීමක්

රටේ ඉන්ධන මේ දවසින් ඉවරයි - රට තුළ පවතින ඉන්ධන ප්‍රමාණය ගැන දැනුම්දීමක්

තවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ඒ ඒ බස් රථය සඳහා ගමන්වාරයට අනියුක්ත වූ තෙල් ප්‍රමාණය අනූව එම QR කේතයෙන් තෙල් ලබා ගැනීමට හැකි වන පරිදි QR කේතය ප්‍රතිසංවිධානය කර දෙන බවයි.

QR කේතය යටතේ විවිධ වූ ඉන්ධන ප්‍රමාණ ලබාදීමට අවශ්‍ය පහසුකම සලස්වන බවද එතුමා සිහිපත් කර තිබේ .

 ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඒකාබද්ධව ගණනය කිරීම් සහ ඊට අදාළ ඩිජිටල්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙමින් පවතින බව   ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා   ප්‍රකාශ ක‍ර ඇත.

ඔය කියන තෙල් කෝටාවෙන් හයර් දුවන්න බැහැ නාමල්ගෙන් ගෙන් චෝදනා

ඔය කියන තෙල් කෝටාවෙන් හයර් දුවන්න බැහැ නාමල්ගෙන් ගෙන් චෝදනා