Q R වැඩේ හරියට කරන්න බැයිනම් කාංචනට බාරදෙන්න මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුව උණුසුම් කරයි

Report

දැනට පවතින කිව්.ආර් ගැටලු හරියට ලිහා ගන්නට බැරි නම් හිටපු ඇමති කාංචනට මාසයක් විතර වගකීම බාර දෙන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ.

මන්ත්‍රීවරයා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

''  කිව්.ආර් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.අලුතෙන් ගෙනාපු වාහන වලට කිව්.ආර් එක රෙජිස්ටර් කරගන්න බෑ.විකුණපු වාහන වලට කිව්.ආර් රෙජිස්ටර් කරගන්න බෑ.ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.ඔයගොල්ලොන්ට ඒක කරගන්න බැරි නම් කාංචනට ආපහු මාසයක් විතර බාර අරගෙන කරල දෙන්න කියන්න.ඒ මනුස්සයා ඒක කරලා දේවි.පඩි ගන්නෙ නැතුව කාංචන ඇවිල්ලා ඕක කරලා දේවි.

ආණ්ඩුව බලනවා යුද්දෙට දාන්න ගෑසුයි තෙලුයි දෙකම දාන්න එපා.  මං පාර්ලිමේන්තුවේදී  මීට මාස කිහිපයකට කළින් දෙසැම්බර් මාසෙදි   ගෑස් හිගයක්   එනවා කියලා කිව්වා.

 හරියටම පෙබරාවාරි ගෑස් හිගය ආවා ගෑස් ප්‍රශ්නෙට ආණ්ඩුව වග කියන්න ඕනේ .  ''