ප්‍රසිද්ධ ස්ථාන වල සැරිසරන අයට රතු එළියක්..ඔබේ මුහුණත් මෙහෙම වැටෙයි(PHOTOS).
Covid
Sri Lanka
Colombo
Public places very risk
Goold place
By Aruna
රට පුරා පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත්වීමෙන් පසු බොහෝ දෙනා කොරෝනා අවදානම ද නොතකමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.
එසේ විවිධ ස්ථානවල සංචාරය කරන පිරිස් මෙන්ම එම ස්ථානවල යම් යම් දේ අලෙවි කරන වෙළෙඳුන් ද නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ නියමිත දුර සීමා පවත්වා නොගනිමින් කටයුතු කිරීම නිසා යළිත් කොරෝනා අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශද අනතුරු අඟවා තිබේ.
සති අන්තයේදී අතර කොළඹ ගාලුමුවදොර පිටියට ද අද (7) දිනයේ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටියේ නිසි ලෙස මුහුණ ආවරණ පැළඳ සිටියේ නැත.
ඔවුන් අතර ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් පවා සිටිනු දක්නට ලැබිණි.
එම ඡායාරූපයන් පහතින් නරඹන්න.
ඡායාරූප — ජයමාල් චන්ද්‍රසිරි






