පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ නීතිමය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා විශේෂ තේරීම් කමිටුවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
කමිටුව සමාලෝචනය කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය රත්නායක මහතා තවදුරටත් පැවසීය.
අද(15) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය.