අම්පාරම උණුසුම් වෙයි - මිනිපෙට්ටියක් ද රැගෙන එයි.. අමාත්‍යවරයාගේ රුවට සමාන පඹයෙක් ද හදලා ගිනි තියලා.. (VIDEO)

By krishani Feb 01, 2023 09:25 AM GMT
Report

අද (01) අම්පාර දිස්ත්‍රික් කැණීම් බලපත්‍ර හා ප්‍රවාහනකරුවන්ගේ සංගමය විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අම්පාර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ඒ මාස තුනකට ආසන්න කාලයක් පුරා වැලි, පස් හා ගල් කැණීම් බලපත්‍ර දීර්ඝ නොකර අත්තනෝමතිකව රඳවා තබාගැනීමට එරෙහිව වන අතර එයට  බලපත්‍රලාභීන් හා යැපෙන්නන් විශාල පිරිසක් සහභාගි විය.

එම විරෝධතාවයට මිනී පෙට්ටියක් හා පරිසර අමාත්‍යවරයාගේ රුවට සමාන පඹයෙක් ද රැගෙනවිත් පැය 2කට අධික කාලයක් විරෝධතාවයේ නිරත විය.

එම ස්ථානයට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පැමිණ දින දෙකක් තුළ ගැටලුවට විසඳුම් ලබාදීමට දිසාපතිවරයා එකඟ වූ බව පැවසීමෙන් දින දෙකක් තුළ එය ඉටු නොවුණහොත් ඔවුන් මාරාන්තික උපවාසය නිරත වන බව පවසා අමාත්‍යවරයාගේ රුවට සමාන පඹයාට ගිනි තබා එම ස්ථානයෙන් විරෝධතාකරුවන් පිටව ගියේ ය. 

විඩියෝ දර්ශන - අද දෙරණ