අන්තර් මෝසම් තත්ත්වයක් - ලබන සතිය වන විට වෙන්න යන දේ ගැන රටටම දැනුවත් කිරීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ලබන සතිය වන විට දිවයින පුරා සවස් කාලයේදී වැසි ඇඳ හැලෙනු ඇති බවට පවසන බව වාර්තා වේ.
එසේම ඔහු කියා ඇත්තේ මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි පවතින බවයි.
එමෙන්ම අන්තර් මෝසම් තත්ත්වය හේතුවෙන් මෙසේ දිවයින පුරා වැසි ඇතිවන බවත්, පස්වරු 2.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් කියා ඇති බව සඳහන්.
මේ අතර ඊයේ (01) පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය අනුරාධපුර දිස්ත්‍රික්කයේ කපුගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා විය.
ඒ අනුව එම ප්‍රදේශයෙන් මිලි මීටර් 78 කට ආසන්න වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය.
එමෙන්ම උතුර,උතුරු මැද,නැගෙනහිර යන පළාත්වලද, මොණරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු“මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.