ලක්ෂ ගණනක් වටිනා රන් ආලේපිත ගිනි අවි නඩුව- මහාධිකරණයෙන් දුන් අලුත්ම නියෝගය

Report

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 4 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ .

මෙම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවා තිබේ . එම අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිට ඇත .

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා යළි නොවැම්බර් මස 4 වන දක්වා කල් තැබීමට අධිකරණය නියම කර තිබේ.

  2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත .

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට කැඳවයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසම හමුවට කැඳවයි

විමල්ට අද වැඩ වරදීද? මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි

විමල්ට අද වැඩ වරදීද? මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි