ගාලු මුවදොර උණුසුම් තත්ත්වයක් - ගෙලට තොණ්ඩුවක් දමා පුද්ගලයකු වර්ජනයේ
ජීවන් නම් පුද්ගලයකු ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී විරෝධතාවක් ආරම්භ කිරීමේ පුවතක් වාර්තා වී ඇත.
ඊට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ තමන්ට කැලණිය පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් පහරදීමක් සිදු කිරීම බවයි.
අදාල නිලධාරීන් සයදෙනා එම ස්ථානයට ගෙනවිත් දඩුවම් කලයුතු යැයි පවසමින් ඔහුගේ බදපටිය ගෙලට හා කණුවට ගැට හසාගනිමින් තොණ්ඩුවක් දමාගෙන වර්ජනය සිදු කරයි.
විරෝධතාකරු මුදාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමේ අරමුණින් 1990 හදිසි ගිලන් රථ සේවයේ නිලධාරින් පිරිසක් ද පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
තත්ත්වය සමනය කිරීම සදහා පොලීසියද අදාළ ස්ථානයට වාර්තා කර ඇත.



