සියලුම ශ්‍රමිකයන්ට රජයෙන් අලුත් ආරක්ෂණ ප්‍රතිලාභයක්. - ලැබෙන වයස් සීමාව මෙන්න.
විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
එය “ගරුසරු” වැඩසහනට සමගාමීව මෙම ක්‍රියාවලිය සකස් කෙරෙන අතර ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇත.
...............................................................