කාන්තාවන්ට සහ දරුවන්ට සුභ ආරංචියක් - ඔවුන් වෙනුවෙන් මිලියන ගණනක මුදල් ආධාර
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳ ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘතියක් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සමාජ පර්යේෂණ ආයතනයේ රුපියල් මිලියන 173.92ක මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය, එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු විදේශීය ආයතන 11ක් අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතයි.
මාරාන්තික වෛරස් දෙකක් එකට පැතිරෙයි - ලෝක සෞඛ්‍ය සංගමයෙන් ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන්ට අනතුරු ඇගවීමක්
එකී ව්‍යාපෘතිය මඟින් තිරසර සහ වඩාත් හොඳින් පුහුණුව ලත් ප්‍රජා සම්බන්ධතා සහ මැදිහත්වීමේ කණ්ඩායම් (Survivor Panels) දේශීය සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කළේය.
එමඟින්, කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනයට ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ සෞඛ්‍යමය ගැටලු තක්සේරු කිරීම, එහි ආර්ථික හා සාමාජීය බලපෑම් ඇගයීම, ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ හා මැදිහත්වීමේ ඵලදායි උපායමාර්ග හඳුනා ගැනීම සහ ආයතන අතර දැනුම හුවමාරුව සහ ධාරිතා සංවර්ධනය පහසු කිරීම යන කාර්යයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
ලක්ෂ 12කට විට්ස් කාර් රථයක් හා රටේ පුරවැසියෙකුට ජීවත් වෙන්න රු.16,690ක්? හැබැයි තෙල් මිල ආයෙත් වැඩි වීමක්? අද ඇවිලුණු පාර්ලිමේන්තුව
ඒ අනුව, වසර 04ක කාලසීමාවක් සඳහා එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය විසින් අනෙකුත් අදාළ පාර්ශ්වයන් සමඟ අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.