ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති තහනම ඉවත් කරන දිනය ගැන ඉඟියක්.

Dr Ramesh Pathirana Government Of Sri Lanka
By Wayomi Sep 13, 2022 09:57 AM GMT
Wayomi

Wayomi

Report

විදේශ විනිමය ගැටළු නිරාකරණය වූ පසු ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමට සූදානම් බව වැඩ බලන කැබිනට් ප්‍රකාශක කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"ආනයන තහනම හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට, අමුද්‍රව්‍ය සහ උපාංග ඇතුළු අවශ්‍යතා රැසක ගැටලු මතු වෙලා තිබුණා. ඒක තාවකාලික පියවරක්. අපි ඒක සතිපතා හෝ සති දෙකකට වරක් සමාලෝචනය කිරීමට රජය තීන්දු කරලා තියෙනවා. අත්‍යවශ්‍යයෙන් හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය නිදහස නැවත ලබා දෙනවා. ඒ නිසා එය ලැයිස්තුව ස්ථිර එකක් නෙවෙයි. ඒක අවශ්‍යතාවන් පරිදි ඉදිරියේදී වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. කර්මාන්තකරුවෝ මේ පිළිබඳව එතුමන්ලාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක නැවත ඔවුන්ට වෙනස් කරලා දෙන්න කටයුතු කරනවා. එම නිසා එම සංශෝධනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගැසට් මගින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නවා. ඒ නිසා ඒක ස්ථිර ලැයිස්තුවක් නෙවෙයි ක්‍රමානුකූලව වෙනස් වෙනවා." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW