මැනිං වෙළෙඳපොලේ ගැටළු වලට ඇමති ප්‍රසන්නගෙන් විසඳුම්.
Prasanna Ranatunga
By Wayomi
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.
ඊට අමතරව පිටස්තර පාර්ශවයන් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය විවිධ විෂමාචාර ක්‍රියාවන්ට භාවිත කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත්, එම විෂමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් අමාත්‍යවරය පොලිසියට ද උපදෙස් දී ඇති බව සඳහන්.
එමනේම නාගරික සංවර්ධන අධිකාරිය, වෙළෙඳ සංගමය, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව එම ගැටලු විසදීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරන ලෙසට ද ඔහු උපදෙස් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |