බොලිවුඩයේ සුපිරි තරු අජේ සහ කාජල්ගේ දුවගේ අලුත් පෙනුම නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි - දුව වෙනුවෙන් කාජල්ගෙන් උත්තර [PHOTOS]

Report

බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය වන නයිසා දේව්ගන් ගැන මෑතක ඉඳන් විවිධ කතා මතුවෙනවා.

ඒකට හේතුව ඇය මෑතකදී සහභාගී වූ උත්සව කිහිපයකදීම ඇගේ පෙනුමේ කැපී පෙනෙන වෙනසක් දැකගන්නට ලැබීම.

මේ වෙනසත් එක්ක දැනටමත් බොහෝ පිරිසකගේ අවධානය ඇය වෙත යොමු වෙලා තියෙනවා කිව්වොත් වැරදි නැහැ.

ඇගේ වත්මන් රූපය පැරණි ඡායාරූප සමඟ සසඳන විට ඇගේ සමේ පැහැය සහ මුහුණේ හැඩයේ විශාල වෙනසක් වෙලා කියලා තමයි ඇයව දකින අය කියන්නේ.

නිළි ශ්‍රීලීලා එකපාරටම ලීක් කරපු ෆොටෝස් ටික මෙන්න

නිළි ශ්‍රීලීලා එකපාරටම ලීක් කරපු ෆොටෝස් ටික මෙන්න

ඒ නිසාම ඇය ප්ලාස්ටික් සැත්කම් හෝ සම සුදු කිරීමේ ප්‍රතිකාර ලබාගෙන ඇති බවට මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන එල්ල වෙනවා.

හැබැයි ඉතින් මේ කටකතා සහ චෝදනා සියල්ල කාජල් විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තම දියණිය කිසිදු සැත්කමකට භාජනය වී නොමැති බවයි.

කාජල් කියන විදිහට නයිසාගේ මෙම සුන්දරත්වයේ රහස ඇගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවලු.

"නයිසා කියන්නේ ඇගේ පියා (අජේ දේව්ගන්) වගේම ශාරීරික යෝග්‍යතාවය ගැන ගොඩක් හිතන කෙනෙක්. ඇය සතියකට තුන් පාරක් විතර ස්වාභාවික ෆේස් පැක් සහ රූපලාවන්‍ය සත්කාර පාවිච්චි කරනවා." යනුවෙන් කාජල් සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ.

පාපන්දු පිටිය හොල්ලන ආර්ජන්ටිනාවේ සුපිරි තරුව මෙසීගෙන් ඓතිහාසික ගෝල ත්‍රිත්වයක් - ලෝක කුසලාන වැඩිම ගෝල වාර්තාව සමකරයි

පාපන්දු පිටිය හොල්ලන ආර්ජන්ටිනාවේ සුපිරි තරුව මෙසීගෙන් ඓතිහාසික ගෝල ත්‍රිත්වයක් - ලෝක කුසලාන වැඩිම ගෝල වාර්තාව සමකරයි

ඒ වගේම නයිසා නිරෝගී ආහාර වේලක් ලබාගන්නා බවත්, නිසි පරිදි ව්‍යායාම කිරීම සහ ජලය පානය කිරීම වැනි ස්වාභාවික පුරුදු නිසා ඇගේ පෙනුම මේ විදිහට ධනාත්මකව වෙනස් වී ඇති බවත් කාජල් කියනවලු.

ඇත්ත නැත්ත මොකක් වුණත් සිනමා ක්ෂේත්‍රයට එන්නත් කළින්ම ඔන්න නයිසා දේව්ගන් ඇගේ මේ ආකර්ෂණීය පෙනුම නිසා දැනටමත් විශාල රසික ප්‍රමාණයකගේ අවධානය දිනා ගෙන කියලත් ඉවරයි කියලා කියන පිරිසකුත් ඉන්නවා.

රසිකයින් කළඹමින් ලංකාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණට හදිසියේ සැත්කමක්

රසිකයින් කළඹමින් ලංකාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණට හදිසියේ සැත්කමක්

GalleryGalleryGalleryGalleryGallery