හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි කොළඹ මහාධිකරණය - නඩුවේ විභාගය ආරම්භයි
අද (17) කොළඹ මහාධිකරණය හමුවේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය ආරම්භ විය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවා ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පවතින චෝදනා විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබූ අතර, විත්තිකරු විසින් එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.
සුරේෂ්ට අසාධ්‍යයි සුරේෂ් ඉන්නේ බත්රූම් එක ළග එයාට මිග්‍රෙන් තියෙනවා - නිරුවත් කරලා ඩීප් චෙක් කරා කියලා CID පිළිගත්තා - සුරේෂ් සලේගේ බිරිදගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
පෙත්සමේ සඳහන් වන අන්දමට, මෙම වංචාව සිදුව ඇත්තේ 2016 වසරේදීය. ඒ වන විට ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කළ කුමාර ජයකොඩි, එම සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට අනිසි ලෙස වාසි සැලසෙන අයුරින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එම ක්‍රියාව හරහා රජයට රුපියල් 8,859,708/-ක (අසූ අට ලක්ෂ පනස් නවදහස් හත්සිය අටක) මුදලක් පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.