ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට එරෙහිව දැඩි තීරණයක් ගනී..
පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මහතාව පහර දී ඝාතනය කිරීමේ ම්ලේච්ඡ හා නිද්දිත ක්‍රියාව හෙළා දකිමින් පාකිස්තාන සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කර තිබේ.
අදාළ යෝජනාව සභානායක ෂශාඩ් වසීම් විසින් ඉදිරිපත් කර තිබුණි.
මෙම ප්‍රහාරය තුළින් සමාජයේ පවතින අන්තවාදී කොටස්වල මානසික තත්ත්වය පිළිබිඹු කරන බවත් එමගින් පාකිස්තානයේ ප්‍රතිරූපයට පමණක් නොව ඉස්ලාමීය ප්‍රතිරූපයටද කැළලක් බව අදාළ යෝජනාවේ සඳහන් කර තිබේ.
මෙම ම්ලේච්ඡත්වය ඉස්ලාමයේ ආත්මය, මූළධර්ම, ඉගැන්වීම් හා නියෝග, මුහම්මද් නබිතුමාගේ පිළිවෙත්, සදාචාරය, මානව වටිනාකම්, පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතී, සමාජයේ සිරිත් විරිත් සහ සම්මතයන් මුලුමනින්ම උල්ලංඝනය කිරීමක් බව සඳහන් වේ.
ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන්ට සංවේගය ප්‍රකාශ කිරීමද අදාළ ඝාතනය සම්බන්ධ වැරදිකරුවන්ට ආදර්ශවත් දඬුවම් ලබාදෙන ලෙසත් සෙනෙට් සභාව විසින් සම්මත කළ යෝජනාවේ සඳහන් කර තිබේ.
මේ අතර සියල්කොට් ඛේදජනක සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක බාබර් අවන් පවසයි.
සෙනෙට් සභා විවාදයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අනාගතය තුළ පාකිස්තානය තුළ ඇතිවීම වැළැක්වීමේ අවශ්‍යතාවක් පවතින බවය.
ඒ සඳහා අවශ්‍ය අපරාධ නීතී සම්බන්ධ සංශෝධන සිදුකිරීමට බලාපොරොත්තු වන බවද බාබර් අවන් ප්‍රකාශ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |