ලෝකෙම බලන් හිටපු ප්‍රියාංකා ගාන්ධිගේ ලේලි මෙන්න [PHOTOS]

Report

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන ප්‍රියංකා ගාන්ධිගේ පුත් රයිහාන් වද්‍රා, ඔහුගේ දිගු කාලීන පෙම්වතිය අවීවා බායිග් සමඟ විවාහ ගිවිසගත් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රියංකා ගාන්ධි, ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධිගේ දියණිය වන අතර රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වේ. රයිහාන් වද්‍රා යනු ප්‍රියංකා ගාන්ධිගේත්, ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන ඇගේ සැමියා රොබට් වදාගේත් පුත්‍රයායි.

කෙසේ වෙතත් 25 හැවිරිදි රයිහාත් වද්‍රා දේශපාලනයට සම්බන්ධ නොවන අතර, ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියකු වශයෙන් කටයුතු කරයි.

එසේම ඔහු නවදිල්ලි අගනුවර ඡායාරූප ප්‍රදර්ශන කීපයක් ද පවත්වා ඇති බව සඳහන්.

මම හිතුවේ ඒවා අමතක කරලා කියලා නමුත් ඒවා අමතකර කරලා නෑ - අපහාස මැද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සංවේදීව පිටියට සමුදෙයි

මම හිතුවේ ඒවා අමතක කරලා කියලා නමුත් ඒවා අමතකර කරලා නෑ - අපහාස මැද සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සංවේදීව පිටියට සමුදෙයි

රයිහාන් වදා දේශපාලනයට සම්බන්ධ නොවූවත්, ඔහුගේ විවාහ ගිවිස ගැනීම මේ වනවිට කාගේත් අවධානය යොමු වී තිබීම විශේෂත්වයක්. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ලෙස රයිහාන් වද්‍රා සහ අවිවා බායිග්ගේ ප්‍රේම සම්බන්ධය වසර 10 කට වඩා පැරණි වේ.

එමෙන්ම අවිවා බායිග් ද වෘත්තීය ඡායාරූප ශිල්පිනියකි.

ඇය ජනමාධ්‍ය පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇති අතර රයිහාත් වද්‍රා මෙන්ම ඇයත් නවදිල්ලියේ පදිංචිකාරියක් වේ.

කෙසේ වෙතත් ප්‍රියංකාගේ පවුලේ අය සහ අවිවා බායිග්ගේ පවුලේ අය අතරේ සමීප හිතවත්කමක් ද පවතින බව සඳහන්.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

GalleryGallery