බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By krishani Aug 01, 2023 03:50 PM GMT
krishani

krishani

Report

මේ වන විට දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් මේ වසර තුළ පෙන්නුම් කරයි.

සියලු බන්ධනාගාර තුළ රැඳවියන් 13,241 දෙනෙකු රැඳවිය හැකි වුව ද මේ වන විට එම සංඛ්‍යාව 29,000කට ආසන්න වී ඇත.

කෙසේ වෙතත්, ඒ යටතේ රැඳවියන් 19,000කට ආසන්න සංඛ්‍යාවක් සැකකරුවන් වේ.

එමෙන්ම 10,000කට ආසන්න පිරිසක් සිරකරුවන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ReeCha