බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද යළි අධිකරණයට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙණිය මහතා අද (11) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනීතික නිදහසක් - රජයේ පසුබැස්මක්ද නැත්නම් දේශපාලන සැලැස්මක්ද?

අනීතික නිදහසක් - රජයේ පසුබැස්මක්ද නැත්නම් දේශපාලන සැලැස්මක්ද?

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඊයේ (ජුනි 10) ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඔහුව 2025 ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම අවස්ථාවේදී, විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින්, සැකකරු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත. එසේම, මෙම නඩුව හෙට (ජුනි 12) ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවීමට නියෝග කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රටම බලන් ඉන්න විශේෂ හෙළිදරව්වක් – CID හා රනිල් අතර තීරණාත්මක හමුවක්

රටම බලන් ඉන්න විශේෂ හෙළිදරව්වක් – CID හා රනිල් අතර තීරණාත්මක හමුවක්

මේ අතර, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කොත්මලේ පූඩළුඔය මාර්ගය තාවකාලිකව වැසෙයි

කොත්මලේ පූඩළුඔය මාර්ගය තාවකාලිකව වැසෙයි