කංජිපානිගේ ළඟම සගයා රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා මැලේසියාවේ සිට ලංකාවට
මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (10) පස්වරුවේ මෙරටට රැගෙනවිත් තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL215 දරන ගුවන් යානයෙන් ඔවුන් පස්වරු 4.28ට පමණ දිවයිනට රැගෙනවිත් ඇත. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දිවයිනට රැගෙන ඒම සඳහා සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාවට ගොස් තිබුණි.
මෙම සැකකරුවන් තිදෙනා අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් සහ මැලේසියානු පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.