බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක රැසකට හෙට විටින් විට වැසි- කාලගුණයෙන් රතු එළියක්
හෙට (11) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතට ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
මේ අතර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක් තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.