බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාධිතයින් 4,600 දක්වා ඉහළට

Covid-19
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාධිතයන් 11 දෙනෙක් හදුනාගෙන තිබෙනවා. රැදවියන් 7 දෙනෙක් සහ නිළධාරීන් 4 ක් ඒ අතර වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගත් කොවිඩ් ආසාධිතයින්ගේ සමස්ථ එකතුව 4600 දක්වා ඉහළ යනු ඇති. වැලිකඩ බන්ධනාගාරයේ 900 දෙනෙක් / මැගසින් බන්ධනාගාරයේ 876 දෙනෙක් / මහර බන්ධනාගාරයේ 818 දෙනෙක් / කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 439 ක් සහ මීගමුව බන්ධනාගාරයේ 367 දෙනෙකු ආසාධිතයන් අතර වනවා.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් මේ වනවිට රැදවියන් 4232 දෙනෙකු සහ නිළධාරීන් 132 දෙනෙකු සුවය ලබා ඇත. තවත් රැඳවියන් 215 දෙනෙක් සහ නිළධාරීන් 09 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.