සූර් වී බස් පැද්ද රියදුරන් හා කොන්දොස්තරවරුන් සෙට් එකක් අත්අඩංගුවට

Report

මොරටුව බස් නැවතුම්පොළෙන් පිටත් වන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද (5) උදෑසන හදිසි වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වුණා.

මෙම පරීක්ෂණය මොරටුව සහ ගල්කිස්ස පොලිස් ස්ථානවල නිලධාරීන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරු රවී වෙත්තසිංහ ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිදු කළ අතර, පැය 6 ක කාලයක් තුළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 250 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණයට ලක්වූහ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීණි සමරසේකර මහත්මිය සඳහන් කළේ, එහිදී පුද්ගලයින් 8 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්තේ යැයි තහවුරු වූ බවයි.

ඉදිරි පැය 36 සඳහා ප්‍රබල කාලගුණික අනාවැකියක්

ඉදිරි පැය 36 සඳහා ප්‍රබල කාලගුණික අනාවැකියක්

මෙයින් ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කළ පස් දෙනෙකු, හෙරොයින් පානය කළ එක් අයෙකු, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කළ එක් අයෙකු සහ අයිස් හා හෙරොයින් දෙකම භාවිතා කළ එක් අයෙකු ඇතුළත් වේ.

මත්ද්‍රව්‍ය භාවිතා කළ අයවලුන් මොරටුව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මොරටුව රථවාහන ස්ථානාධිපතිවරයා දැනුම් දුන්නේය.

මෙම හදිසි වෛද්‍ය පරීක්ෂණය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම වෛද්‍ය පරීක්ෂණාගාර භාවිතයෙන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසිය එක්ව සිදු කළ බවද වාර්තා වෙයි.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න