පිස්තෝලයක් පෙන්නලා තර්ජනය කළා මට බය හිතුන නිසා කාටවත් කීවේ නැහැ - කුඩු සළිඳුගේ ගෝලයා බලන්න ඇවිත් තර්ජනය කරලා
කළුතර බන්ධනාගාරයේදී පහරකෑමට ලක්ව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කුඩු සළිඳුගේ ගෝලයෙකු බැලීමට ඊයේ (04) දින අළුයම 2.30 ට පමණ පැමිණ ඇති පුද්ගලයෙකු රෝහලේ ආරක්ෂක නිලධාරියෙකුට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දකුණු කළුතර පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ පසුගිය ජනවාරි මස 28 වැනි දින බන්ධනාගාරය තුළදී පහරකෑමට ලක්ව ඇති කුඩු සළිඳුගේ ගෝලයකු බව කියන රැඳවියකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
අඳාළ සැකකරු ප්‍රතිකාර ලබන වාට්ටුව අසල දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පයාගල පදිංචි දිසානායක මුදියන්සේලාගේ චන්දිමාල් සඳරුවන් යන අය මෙම සිද්ධියට මුහුණ පා ඇති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.
ළමයින්ව ගෑණුන්ව ඔක්කොම ඉස්සරහ තියලා..සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ හඬපටයක් ලීක් වෙයි
" මා රාජකාරියේ නිරතව සිටියදී ඉලෙක්ට්‍රික් යතුරු පැදියකින් ආ අයෙකු තම ඥාතියෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුට අසාධ්‍ය බව දැන ගත් නිසා බැලීමට පැමිණි බවත් කියා දොරටුව විවෘත කරන ලෙස ඉල්ලා සිටියා. මා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට ඔහු මට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළා. මට ඇතිවූ බය නිසා කිසිවෙකුටවත් කීවේ නැහැ " යනුවෙන් ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර තිබූ බව පොලිසිය වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබුණේ ඊයේ (04) දින සවස 3.00 ට වුවත් ආරක්ෂක අංශයේ ඔහුගේ සමීපතම අධීක්ෂණ නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ තමා ඒ පිළිබඳව නොදැන සිටි බවයි. එබැවින් අඳාළ පැම්ණිල්ල පිළිබඳව සැකයක් මතුවී ඇති බව පොලිසිය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කළුතර දිසාව නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර යන නිලධාරින්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා ඇතුළු නිලධාරීන් සිදු කරයි.