ගාන්ධි පිළිමයක් උස්සයි - කකුල් ඉතුරු කරලා වළලුකරෙන්ම කපලා දාලා

Report

මෙල්බර්න්හි රොව්විල් හි ඕස්ට්‍රේලියානු ඉන්දියානු ප්‍රජා මධ්‍යස්ථානයෙන් පිටත සිට මහත්මා ගාන්ධිතුමාගේ ලෝකඩ ප්‍රතිමාවක් සොරකම් කර ඇති බව වාර්තා වේ.

අඳාළ ප්‍රතිමාව නවදිල්ලියේ ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලයෙන් (ICCR) තෑග්ගක් වූ අතර ඕස්ට්‍රේලියාවේ ඉන්දියානු ප්‍රජාවට සැලකිය යුතු සංස්කෘතික, ඓතිහාසික සහ සංකේතාත්මක වැදගත්කමක් දරන බව සඳහන්.

එමෙන්ම ඕස්ට්‍රේලියා ටුඩේ වාර්තාවකට අනුව, මෙම සොරකම සඳුදා අලුයම 12.50 ට පමණ සිදුවී තිබෙන බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ නාඳුනන අපරාධකරුවන් තිදෙනෙකු කෝණ ඇඹරුම් යන්තයක් භාවිතා කර කිලෝග්‍රෑම් 426 ක් බරැති මෙම ප්‍රතිමාව එහි අත්තිවාරමෙන් කපා දැමූ බවයි.

අසාමාන්‍ය ලෙස මුහුද අයිස්වලින් මිදෙයි - අනතුරු අඟවීමක්

අසාමාන්‍ය ලෙස මුහුද අයිස්වලින් මිදෙයි - අනතුරු අඟවීමක්

මේ අතර සමාජ මාධ්‍යවල පළ කරන ලද ඡායාරූපවලින් පෙනී ගියේ ප්‍රතිමාව වළලුකරෙන් කපා දමා එහි පාද පමණක් ඉතිරි කර තිබෙන බවයි.

එමෙන්ම වික්ටෝරියා පොලිස් නොක්ස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිද්ධිය විමර්ශනය කරමින් සිටින බව සඳහන්.

මේ අතර මෙම ලෝකඩ ප්‍රතිමාව විකිණීමට උත්සාහ කරන ඕනෑම අයෙකු පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත්, ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් වහාම වාර්තා කරන ලෙසත් පරණ යකඩ වෙළෙඳුන්ට අනතුරු ඇඟවූ බවත් පොලිසිය ප්‍රකාශ කරයි.  

ළමයින්ව ගෑණුන්ව ඔක්කොම ඉස්සරහ තියලා..සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ හඬපටයක් ලීක් වෙයි

ළමයින්ව ගෑණුන්ව ඔක්කොම ඉස්සරහ තියලා..සමාජ මාධ්‍ය කළඹමින් ප්‍රබල අපරාධකරුවන් රැසකගේ හඬපටයක් ලීක් වෙයි

රටේම ආන්දෝලනයට හේතු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන හෙළිවූ අලුත්ම කරුණු මෙන්න

රටේම ආන්දෝලනයට හේතු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන හෙළිවූ අලුත්ම කරුණු මෙන්න