කොටස් වෙළඳපොළ අද ඉහළට - ඒකක මිල ගණන් මෙන්න
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දිනය අවසානයේ සුළු ඉහළ යෑමක් වාර්තා කරමින් සාර්ථකව නිමාවට පත් ව ඇත.
ඒ අනුව අද දින ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.49 කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව කොටස් වෙළඳපොල සඳහන් කළේ දර්ශකයේ අගය 23,768.99 ක් වශයෙන් සටහන් වූ බවයි.
එමෙන්ම දිනය අවසානයේ මුළු පිරිවැටුප රුපියල් බිලියන 11.1ක් වශයෙන් සඳහන් විය.