ගුජරාට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස විදේශ කටයුතු ඇමති හමුවෙයි

Report

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා, මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් අද (05) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම හමුවේදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ නිල සංචාරයකදී ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මඟපෙන්වීම යටතේ, ගුජරාට් ප්‍රාන්තයේ තැන්පත් කර තිබූ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කළ බවයි.

ගුජරාට් ප්‍රාන්ත ඉතිහාසය තුළ, පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ විදේශ රටකට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය ගෞරවය සහ ඓතිහාසික සබඳතා ප්‍රබලව ප්‍රකාශ වන වැදගත් සන්ධිස්ථානයක් බව ද ඔහු අවධාරණය කළේය.

කොටස් වෙළඳපොළ අද ඉහළට - ඒකක මිල ගණන් මෙන්න

කොටස් වෙළඳපොළ අද ඉහළට - ඒකක මිල ගණන් මෙන්න

මෙම අවස්ථාවේ අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙම ඓතිහාසික ධාතු වන්දනාව සංවිධානය කිරීම සඳහා ගුජරාට් ප්‍රාන්ත රජය ලබාදුන් දායකත්වයට සිය කෘතඥතාව පළ කළ අතර, එය ශ්‍රී ලංකාව සහ ගුජරාට් ප්‍රාන්තය අතර දිගුකාලීන ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් බව ද පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී, ඉන්දියාවේ ප්‍රමුඛතම කාර්මික මධ්‍යස්ථානයක් වන ගුජරාට් ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.

රටේම ආන්දෝලනයට හේතු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන හෙළිවූ අලුත්ම කරුණු මෙන්න

රටේම ආන්දෝලනයට හේතු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ගැන හෙළිවූ අලුත්ම කරුණු මෙන්න