හොර විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය කතක් මාට්ටු

Report

ඩුබායි, රුමේනියාව සහ මැද පෙරදිග රටවල් සඳහා විදේශ රැකියා ලබාදෙන බව පවසමින් වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන ගොස් පුද්ගලයන් බඳවාගෙන ඇති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට අයත් පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය පසුගිය 03 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත, මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිය වැටලීමට ලක් කර ඇත. මෙහිදී උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව අත්අඩංගුවට ගත් අතර, ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154 ක්, රැකියා ගිවිසුම්, වෛද්‍ය වාර්තා, රැකියා සඳහා ඉල්ලුම්පත්‍ර, සහ විවිධ පුද්ගල ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම කාන්තාව 2016 වර්ෂයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වලංගු බලපත්‍රයක් ලබාගෙන විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත නඩු 11 ක් පවරා ඇති බැවින් එම බලපත්‍රය පසුව අත්හිටුවා ඇති බවයි.

එසේම, මෙම සැකකාරියට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව ඊයේ (04) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

24 පැයේම රජය කරන්නේ බොරුව ඇන්දවිල්ල විතරයි - සජිත් කට අරියි

24 පැයේම රජය කරන්නේ බොරුව ඇන්දවිල්ල විතරයි - සජිත් කට අරියි