පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අධිකරණය සඳහන් කළේ, එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි. පෙත්සමේ සඳහන්වෙන්නේ, කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වුවත්, එහි සංග්‍රහණය නිසා ඉඩම් හිමියන්ට සහ නිවාස හිමියන්ට අගතියක් සිදුවන බවය.

ඊශ්‍රායල් රැකියා අවස්ථා - අයදුම්පත් මෙන්න - රැකියා ලැයිස්තුවත් එළියට

ඊශ්‍රායල් රැකියා අවස්ථා - අයදුම්පත් මෙන්න - රැකියා ලැයිස්තුවත් එළියට

තවද, පනත් කෙටුම්පතේ අංක 01 සිට 14 දක්වා වූ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංශ 3 සහ 4 මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සම්කරු චෝදනා කර තිබේ.

ඒ අනුව, මෙම ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

කොටස් වෙළඳපොළ අද ඉහළට - ඒකක මිල ගණන් මෙන්න

කොටස් වෙළඳපොළ අද ඉහළට - ඒකක මිල ගණන් මෙන්න