විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එකතු කරන ජාවාරමක් පිළිබඳ අනාවරණයක්

Report

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් මුදල් එකතු කරන ව්‍යාජ ජාවාරමක් සමාජ මාධ්‍ය සහ වට්සැප් සමූහ අතර සංසරණය වෙමින් පවතී.

අමාත්‍යාංශය පැවසුවේ, එවැනි ව්‍යාජ පුවත් සම්බන්ධව ඔවුන් කිසිදු විදෙස් රැකියාවක් ලබා දීමක් හෝ මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියක් සිදු නොකරන බවයි.

අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, ජාවාරම්කරුවන් විසින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියකුගේ බව පවසන බැංකු ගිණුම් අංකයක් ද ප්‍රචාරය කර ඇති අතර, එවැනි ගිණුම් සඳහා මුදල් යොමු නොකිරීමට ජනතාව වග බලාගත යුතු බවයි.

මෙම ව්‍යාජ ජාවාරමට සම්බන්ධ සියලු සිදුවීම් සොයා බැලීම සඳහා අමාත්‍යාංශය අවශ්‍ය නීතිමය හා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවද නිවේදනයෙන් දැක්වෙයි.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

ඉදිරි පැය 36 සඳහා ප්‍රබල කාලගුණික අනාවැකියක්

ඉදිරි පැය 36 සඳහා ප්‍රබල කාලගුණික අනාවැකියක්