වහලයක් මත නැගී රැඳවියෙකු තනියම විරෝධතාවයක..

Jaffna Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By krishani May 28, 2023 05:51 AM GMT
krishani

krishani

Report

යාපනය බන්ධනාගාරයේ රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඒ වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස ඉල්ලමින් ය.

එම රැඳවියා ඊයේ (27) උදෑසන සිට එම විරෝධතාවය ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු ගෙවල් බිඳීම් ඇතුළු අපරාධ රැසකට වරදකරු වීම හේතුවෙන් 2040 වර්ෂය දක්වා සිරදඬුවම් නියම වී තිබෙනවා.

මීට පෙර කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකු වන අතර විනය හේතූන් මත අදාළ රැඳවියා යාපනය බන්ධනාගාරය වෙත මාරුකර තිබෙනවා.

කෙසේවෙතත්, මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join