බන්ධනාගාරයක පිරිසක් වස බොයි..02ක් මරුට..10ක් රෝහලේ..

Police Sri Lanka Welikada prisoners
By Aruna Oct 15, 2021 04:34 AM GMT
Aruna

Aruna

Report

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනකු වස වර්ගයක් පානය කිරීමෙන් මියගොස් තිබේ.

එම වස වර්ගය පානය කළ තවත් රැඳවියන් දස දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙම රැදවියන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දැනට වසර 2කට පමණ පෙරයි.

මොවුන් පානය කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් බන්ධනාගාරනගට ලබාදී තිබු විසබීජ නාසක දියර බවද වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටී.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Sub කරන්න
වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.