අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛනයට විදුහල්පතිවරුන්ගෙන් විරෝධයක්
පාසල් තුළ ඩෙංගු හා චිකුන්ගුන්යා රෝග වාහක මදුරුවන් සිටින ස්ථාන හඳුනාගතහොත් එහි වගකීම විදුහල්පතිවරුන් වෙත පවරමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයට විදුහල්පති සංගමයේ විරෝධය පල කර තිබෙනවා.
ඩෙංගු හා චිකුන්ගුන්යා මර්දනය කිරීමට අවශ්‍ය කාර්යමණ්ඩලය විදුහල්පතිවරුන්ට ලබා දී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථානවලට විරුද්ධව ගන්නා නීතිමය ක්‍රියාමාර්ගවලදී විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව පෙනී සිටීමට නොහැකි බවයි විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම චක්‍රලේඛනය ඉවත් කර ගන්නා ලෙස බල කරමින් එළඹෙන 15 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.