ක්‍රිප්ටො කරන්සි සම්බන්ධයෙන් අගමැති කාර්‍යාලයෙන් දැනුම් දීමක්...
By Gagana News
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ‘ක්‍රිප්ටෝ’ මුදල් ව්‍යාපාර පිලිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් යොමුකර තිබේ.
එහි දැක්වෙන්නේ මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් විදේශීය ආයතන විසින් මෙරට ජනතාව නොමඟ යවන බවයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් ඒ භාවිත කරමින් මෙම වංචාසහගත ප්‍රචාරණ සිදුකරමින් සිටින බවද එහි දැක්වේ.
විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී ඇත.