අගමැති කාර්යාලයේ සුපිරි රථයෙන් මඟුල් හයර් ගිහින් අතේ මාට්ටු වෙයි..රියදුරුට සිදු වූ දේ..

Sri Lanka Police Prime minister Wedding Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Aruna May 18, 2023 12:40 AM GMT
Aruna

Aruna

Report

අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රධාන පෙළේ රථවාහන අලුත්වැඩියා ආයතනයකට භාරදී තිබූ අගමැති කාර්යාලයට අයත් සුඛෝපභෝගි කර් රථයක් එම සමාගමේ ආරක්‍ෂක නිලධාරියකුගේ ඉල්ලීම පරිදි විවාහ මංගල්‍යයකට සහභාගිවීමට රැගෙන යෑම සිදුකළ කුලී රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මහතා ඊයේ (17දා) වසර 15 කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් නියම කර රුපියල් එල්ලක්‍ෂ පනස් දහසක(150000) දඩයකට යටත් කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මගින් වරද පිළිගත් දයාන් නිරංග නමැති විත්තිකරුට එල්ල වී තිබූ විකල්ප චෝදනාවට එනම් සොරබඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට දඬුවම් නියම නොකළ විනිසුරුවරයා එකී දඩය ගෙවා අවසන් වනතුරු ඔහුට විදේශගතවීම වළක්වමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

මුල් අවස්ථාවේදීම තමන් අතින් සිදුවූ වරදට පශ්චාත්තාප වී වරද පිළිගත් විත්තිකරු කුඩා දරුවන් තිදෙනකුගේ පියකු වන බැවින් සිරදඬුවම් ක්‍රියාත්මක කළහොත් ඔහුගෙන් පෝෂණය වන කුඩා දරුවන්ට අගතියක් විය හැකි බව පෙන්වා දෙමින් එලෙස ලිහිල් දඬුවම් ලබාදීමට විනිසුරුවරයා නියෝග කළා.

එකී වාහනය භාර දී තිබූ රථ වාහන අලුත්වැඩියා ආයතනයේ ආරක්‍ෂක නිලධාරියා එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම්කොට තිබුණි.

ඔහුට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජූලි 31 වැනිදා කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

රටේ අගමැතිවරයාගේ කාර්යාලයට ලබාදී ඇති වාහනයක් එලෙස සාපරාධි ලෙස භාවිත කිරීම ඉතා බරපතළ වරදක් බව විනිසුරුවරයා පැවැසීය.

යම් හෙයකින් එවැනි වාහනයක් රැගෙන ගොස් මිනීමැරීමක් හෝ වෙනත් අපරාධයක් සඳහා යොදා ගත්තේ නම් එකී වරදේ ස්වභාවය කෙතරම් වියහැකි දැයි විනිසුරුවරයා විමසා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now