ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල පහත දමයි..නව මිල ගණන් මෙන්න..
Bandula Gunawardane
Sri Lanka
Lanka Sathosa
Economy of Sri Lanka
Businessman
By Aruna
ලංකා සතොස අලෙවිසැල් ජාලය මගින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 275ක් වේ.
පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් අඩු කිරීමත් සමග එහි නව මිල රුපියල් 195ක්.
රතු පරිප්පු රුපියල් 4කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 295 කට අලෙවි වෙයි.
මේ අතර ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ දින නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ඖෂධ 60ක මිල පහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ඊට අදාළ ලේඛනය පහතින් දැක්වෙයි.