එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.
By Wayomi
ජනතාවට සහන සැපයීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසනවා.
ඒ අනුව දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51 කින්ද ,සුදු කවුපි කිලෝවක මිල රුපියල් 900 සිට 880 දක්වා රුපියල් 20 කින්ද ,සුදු සීනි කිලෝවක මිල රුපියල් 248 සිට 243 දක්වා රුපියල් 05 කින්ද පහල දැමූ බව සතොස ආයතනයේ අලෙවි ප්‍රධානි සමන් කාරියවසම් සඳහන් කරනවා.
මේ අතර ලොකු ළූණු කිලෝවක් රුපියල් 300 බැගින් සියලුම සතොස අලෙවිසල්වලින් ලබාගැනීමට හැකි බවද ඒ ඔහු වැඩිදුරටත් කියා සිටියා.
