යළිත් භාණ්ඩ කිහිපයක මිල පහළට.

Lanka Sathosa
By Wayomi Apr 08, 2024 12:28 PM GMT
Wayomi

Wayomi

Report

සිංහල හා හින්දු අවුරුදු සමය අරමුණු කරගනිමින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වියලි මිරිස් කිලෝවක් රුපියල් 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 850ක්.

චීනයෙන් ආනයනය කරන ලද බී ළූණු කිලෝවක මිල රුපියල් 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක් ලෙස සටහන් වන අතර ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බී ළූණු කිලෝවක මිල රුපියල් 50කින් අඩු කර ඇත.එහි නව මිල රුපියල් 445ක්.

සුදු ළූණු කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 680ක් ලෙස සටහන්ව ඇති අතර අර්තාපල් අල කිලෝවක් රුපියල් 10කින් පහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 165කි.

එමෙන්ම රතු පරිප්පු කිලෝවක් රුපියල් 7කින් ද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් ද පහළ දැමීමට තීරණය කර ඇත.