ඉදිරියේදී නිමි ඇදුම් මිල ඉහළ යයි?..හේතුව මෙන්න.
readymade garments
price hike
By Thaya
ලබන අප්‍රේල් මස 01 වනදා සිට ආනයනික නිමි ඇදුම් සඳහා බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
ඔහු පවසන්නේ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.
"අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවට පිටරටින් ගේන නිමි ඇඳුම් සඳහා අපි විශේෂ බද්දක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීම. තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් තමයි බලාපොරොත්තු වෙන්නේ," යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.