භාණ්ඩ මිල 14%කින් අඩු කලා.. තවත් අඩු කරනවා..
එළඹෙන උත්සව සමයට කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපැයීමට ආණ්ඩුව මේ වන විටත් සූදානම් බව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පැවසීය.
පසුගිය මාස 3 ඇතුළත 14%කින් භාණ්ඩ මිල අඩු වීමක්ද සිදු වී ඇති බවත්, එය ඉදිරියේදී තව දුරටත් අඩු කිරීමට කටයුතු කරන බවත් පැවසූ ඇමැතිවරයා අඛණ්ඩව සහනදායි මිලගණන් යටතේ ආහාර ද්‍රව්‍ය සැපැයීම ආණ්ඩුවේ සැලසුම බවද ප්‍රකාශ කළේය.
අතරමැදියන්ගෙන් තොරව සතොස හරහා භාණ්ඩ සැපැයීමට කටයුතු කරන අතර පාරිභෝගිකයන්ට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට මෙන්ම ඔනෑම නිෂ්පාදකයකුට සතොසට ආහාර ද්‍රව්‍ය සැපැයීමටත් හැකි බවත් පැවසූ ඇමැතිවරයා තොග වෙළෙඳ සංස්ථාව ස්ථාපිත කරමින් ප්‍රධාන වෙළෙඳසල් තුනක් යටතේ ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බවත් ආණ්ඩුව මැදිහත් වී ඉන්දීය වෙළෙඳ සමාගම් සමඟ එකඟතාවයකට අනුව අල, ලූනු, සීනි, පරිප්පු ආනයනය කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.
පසුගිය රජයන් යටතේ බිලියන 19.8ක පාඩුවක් සතොසට සිදු වී ඇතත් ඉදිරියේදී සතොස ලාබ ලබමින් පාරිභෝගික අවශ්‍යතා ඉටු කරන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වීමේදී අදාළ අමාත්‍යංශවල ඇමැතිවරුන් සමඟද මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
