සියලු ලාංකිකයන්ට ආරාධනා කරමින් සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් සටහනක්
ශ්‍රී ලාංකික ජනතාව අතර සමගිය, මෛත්‍රිය සහ එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති 'සාමයේ පා ගමන' (Walk for Peace) වැඩසටහන අද (21) දඹුල්ලෙන් ආරම්භ වන අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ.
ජනාධිපතිවරයා සිය X ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන මෙම පූජනීය පා ගමන හරහා සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ජාතික සමගිය ශක්තිමත් කිරීමට මෙන්ම ලෝක ප්‍රජාවට සාමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් ලබා දීමට ද උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම විශේෂ පා ගමනට සහභාගී වීම සඳහා වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.
ජාති, ආගම් භේදයකින් තොරව පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන මෙම පා ගමන මෙරට අධ්‍යාත්මික සහ සංස්කෘතික උරුමය මූර්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
I am honoured to support the Walk for Peace journey across Sri Lanka, commencing today, promoting mindfulness, loving-kindness, unity and harmony among all people.
— Anura Kumara Dissanayake (@anuradisanayake) April 21, 2026
As this sacred walk sets out from Dambulla and travels across our island, carrying the Sacred Relics of the Buddha…