ඇපල් සමාගමෙන් දැවැන්ත වෙනසක් - සියලුම පාරිභෝගිකයන්ට දැනුම්දීමක්
By Mithu
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන ඇපල් (Apple) සමාගමේ ඉහළම නායකත්ව ව්‍යුහයේ තීරණාත්මක වෙනසක් සිදු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, වත්මන් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) මහතා ඇපල් අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති (Executive Chairman) ධුරයට පත්වීමට නියමිතය.
මෙම නායකත්ව හුවමාරුවේ වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ, ඇපල් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධුරය සඳහා ජෝන් ටර්නස් (John Ternus) මහතා නම් කිරීමයි.
වර්තමානය වන විට ඇපල් සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන ඔහු, 2026 සැප්තැම්බර් මස 1 වන දින සිට නිල වශයෙන් නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.