ඉන්දියාවේ බිහිසුණු අනතුරක් - පුද්ගලයින් 21 දෙනෙකු මරුට

Report

ඉන්දියාවේ උදම්පූර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ රාම් නගර් සිට උදම්පූර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ළක්ව තිබේ. බස් රථය මීටර් සිසයක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

තවද එය ප්‍රපාතයට පෙරළීමට පෙර මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක ගැටී ඇති බවද වාර්ථා වේ. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 65කට අධි සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇති බව බලධාරීන් සදහන් කරයි.

ඒ වගේම මියගිය 21 දෙනාට අමතරව තවත් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ ඉන්දීය ජනාධිපතිවරිය හා අග්‍රාමාත්‍යවරයා මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත තම කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ඉරාක–සිරියා දේශසීමා දොරටුව යළි විවෘතයි

ඉරාක–සිරියා දේශසීමා දොරටුව යළි විවෘතයි

 ඒ වගේම මියගිය පුද්ගලයෙකු සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් මෙන්ම තුවාල ලැබූ පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් පනස් දහසක මුදලක් පිරි නමන බවද නිවේදනය කර ඇත.