ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට - දේශීය වෙළෙඳපොළටත් බලපෑමක්
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) රන් සහ රිදී මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ රන් අවුන්සයක මිල රුපියල් 4,763ක් ලෙස වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, අද (21) වන විට රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,806ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
එමෙන්ම රිදී අවුන්සයක මිලද ඉහළ ගොස් ඇති අතර, එය අද වන විට ඇමෙරිකානු ඩොලර් 79.28කට අලෙවි වෙයි.
මෙම තත්ත්වය හේතුවෙන්, අද දිනයේ දේශීය වෙළෙඳපොළේ රන් මිලෙහිද වෙනස්කම් සිදුවිය හැකි බව වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති.