පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ සිදුකරන්න ගිය ස්ථාන මාරුවක් අල්ලසෙන් නවත්වයි - හේතුව මෙන්න

Report

පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ ආයතන කාර්යාංශයේ උසස් නිලධාරිනියකට ලබා දී තිබූ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නිලධාරිනිය මහජන පෙත්සම් කාරක සභාව වෙත මාරු කර තිබුණි.

කංජිපානිගේ ගෝලයෙක් කොළඹ පුරා බෝම්බ පුරන්න සියල්ල ලෑස්ති කරලා - වෙන්න ගිය මහ විනාශයක් වලක්වයි

කංජිපානිගේ ගෝලයෙක් කොළඹ පුරා බෝම්බ පුරන්න සියල්ල ලෑස්ති කරලා - වෙන්න ගිය මහ විනාශයක් වලක්වයි

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයකදී මෙම නිලධාරිනිය ප්‍රධාන සාක්ෂිකාරියක වන බැවින්, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇයගේ ස්ථාන මාරුවීම ක්‍රියාත්මක නොකරන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇත.

එමෙන්ම දූෂණ චෝදනා කිහිපයක් පදනම් කර ගනිමින් වැඩ තහනමට ලක්වූ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාට එරෙහිව පවතින පැමිණිල්ල මෙන්ම, එම නියෝජ්‍ය මහලේකම්වරයා විසින් කතානායකවරයාට එරෙහිව සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට - දේශීය වෙළෙඳපොළටත් බලපෑමක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට - දේශීය වෙළෙඳපොළටත් බලපෑමක්

මෙම විමර්ශනවල ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ සාක්ෂිකාරියගේ සේවා ස්ථානය වෙනස් නොකර තබා ගැනීම අත්‍යවශ්‍ය බව කොමිසමේ අදහස වී ඇත.