නිතී විරෝධී වැඩක් කළ පෞද්ගලික බැංකු නිලධාරියෙකු අත්අඩංගුවට

Report

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක ගිණුම් විගණන නිලධාරියෙකු ලෙස කටයුතු කරමින්, ත්‍රිරෝද රථ සොරාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සොරාගත් ත්‍රිරෝද රථ පහක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ හෝමගම, කටුවාන ප්‍රදේශයේදී අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු බැංකුවේ සේවය කරන අතරතුර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'හඳපාන්ගොඩ හඳයා'ගේ සමීපතමයෙකු සමඟ ඇති කරගත් සබඳතාවක් මත 'අයිස්' මත්ද්‍රව්‍ය පානයට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට

සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සෙවීමට ඔහු මෙලෙස ත්‍රිරෝද රථ සොරකම් කිරීමට පෙළඹී ඇති බව පොලිසිය පවසයි. විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත්තේ මෙම සැකකරුට එරෙහිව විවිධ අධිකරණවල මනුෂ්‍ය ඝාතන සහ සොරකම් ඇතුළු නඩු 28ක් පවතින බවයි.

හෝමගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අමිල ගෝවින්න මහතාට ලැබුණු පෞද්ගලික ඔත්තුකරුවෙකුගේ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කංජිපානිගේ ගෝලයෙක් කොළඹ පුරා බෝම්බ පුරන්න සියල්ල ලෑස්ති කරලා - වෙන්න ගිය මහ විනාශයක් වලක්වයි

කංජිපානිගේ ගෝලයෙක් කොළඹ පුරා බෝම්බ පුරන්න සියල්ල ලෑස්ති කරලා - වෙන්න ගිය මහ විනාශයක් වලක්වයි