අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙකු පවසන්නේ, විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීමට ඉදිරිපත් කර ඇති නව යෝජනාව සලකා බැලීමට හෝ ඒ පිළිබඳ තීරණයක් ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

ඔහු සඳහන් කළේ, මෙම මස (අප්‍රේල්) 1 වැනිදා සිට දැනටමත් විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ දමා ඇති බැවින්, නැවතත් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බවයි.

අදාළ යෝජනාව සලකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව නිල තීරණයක් ගත යුතු බවත්, එසේ නොකළහොත් මහජන අදහස් ලබා ගැනීම ඇතුළු නියමිත ක්‍රියාපටිපාටිය ආරම්භ කළ නොහැකි බවත් එම නිලධාරියා පැහැදිලි කළේය.

"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්

"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්

ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම විසින් 2026 දෙවැනි කාර්තුව වන අප්‍රේල් සිට ජූනි දක්වා කාලය සඳහා විදුලි ගාස්තුව තවදුරටත් සියයට 15 කින් පමණ ඉහළ දැමීමට යෝජනා කර ඇති බවද සඳහන් වේ.

එවැනි ඉහළ දැමීමක් සිදුවුවහොත්, මේ වනවිට අනුමත කර ඇති 10% ඉහළ යාමත් සමඟ එකතුව විදුලි ගාස්තු සමස්ත වශයෙන් 25% දක්වා ඉහළ යා හැකි බවද අනාවරණය වේ.

මෙම යෝජනාවට අනුව, වර්ෂාපතනය අඩුවීමෙන් ජල විදුලි නිෂ්පාදනය පහළ යාම, ඉන්ධන පිරිවැය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් බලපා ඇති බව සඳහන් කර තිබේ. එමගින් පමණක් රුපියල් කෝටි 3,100ක් පමණ ආදායමක් අපේක්ෂා කරන බවද වාර්තා වේ.

ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම

ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම

මේ අතර, අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ නව ගාස්තු සංශෝධනය අනුව;

  • ඒකක 30ට අඩු පාරිභෝගිකයන්ට ~4.3%ක ඉහළ යාමක්
  • ඒකක 31–60 හා 61–90 අතර ~6.9%ක ඉහළ යාමක්
  • ඒකක 91–180 අතර ~7.2%ක ඉහළ යාමක්
  • ඒකක 180ට වැඩි කාණ්ඩයට 25.3%ක දක්වා ඉහළ යාමක් සිදුවී ඇත.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට - දේශීය වෙළෙඳපොළටත් බලපෑමක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට - දේශීය වෙළෙඳපොළටත් බලපෑමක්