තර්ජන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නැහැ - ඉරානයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්
By Kanchana
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සදහන් කර තිබේ.
සිය x ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.
මෙම චෝදනාවත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ වගේම කථානායකවරයා අනතුරු අඟවන්නේ මෙම පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බවයි.
තවදුරටත් ඔහු සදහන් කළේ වොෂින්ටනය උත්සාහ කරන්නේ සාකච්ඡා මේසය යටත් වීමේ මේසයක් බවට පත් කිරීමට වන බවයි.
එමෙන්ම නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම් වී සිටින බවටද ඔහු අනතුරු ඇඟවීමක් කර ඇත.